අපි ගැන
කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලය
දැක්ම
පාසල් ප්‍රජාවට ගුණාත්මක අධ්‍යාපන සේවාවක් සපයන විශිෂ්ටතම අධ්‍යාපන සේවා කේන්ද්‍රස්ථානය බවට පත්වීම
මෙහෙවර
නව්‍ය තාක්ෂණය තුළින් පාසල් අධ්‍යාපනයේ අඛණ්ඩ ගුණාත්මක සංවර්ධන ක්‍රියාවලිය කළමනාකරණය සහ පාසල් ප්‍රජාව වෙත ගුණාත්මක සේවයක් සැපයීම
එකමුතුව අභිමානයෙන් විශිෂ්ටත්වය කරා එසවෙමු
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ම වාණිජ නගරය තුළ පිහිටා ඇති කොළඹ අධ්‍යාපන කලාපය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ පිහිටි ප්‍රධානතම අධ්‍යාපන කලාපයකි. කොළඹට තදාසන්න ප්‍රදේශවල පිහිටා ඇති රජයේ පාසල්, පෞද්ගලික පාසල්, අර්ධ රාජ්‍ය පාසල්, පිරිවෙන් සහ සියලුම අධ්‍යාපන ආයතනවල පරිපාලන කාර්යය හා අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය මෙහෙයවනු ලබන්නේ කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලය මගිනි. එහි රජයේ පාසල් 123 ක් ද අර්ධ රාජ්‍ය පාසල් 10 ක් ද පෞද්ගලික පාසල් 10 ක් හා පිරිවෙන් 10 ක් පිහිටා ඇත. මෙම අධ්‍යාපන කලාපය , උතුරු කොළඹ, මැද කොළඹ, දකුණු කොළඹ, බොරැල්ල වශයෙන් ප්‍රධාන කොට්ඨාස හතරකින් සමන්විතය. වාර්ෂිකව තේමා පාදකව නව්‍ය වූ වැඩසටහන් නිර්මාණය කිරීම තුළින් නව ඉගෙනුම් ක්‍රමෝපායයන් ඔස්සේ යමින් කලාපයේ අධ්‍යාපන සංවර්ධනය ඉහළ නංවා ගැනීම කොළඹ අධ්‍යාපන කලාපයේ ප්‍රධානතම අරමුණ වේ. මේ සදහා කලාපයේ ගුරුවරුන් පෝෂණය කිරීමටත් ශිෂ්‍යයින්ගේ සාධන මට්ටම ඉහළ නැංවිමටත් විෂය භාර අධ්‍යක්ෂවරු, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරු, ගුරු උපදේශකවරු එකසේ කැප වී සිටිති. ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ද තම කාර්යභාරය නොපිරිහෙලා ඉටු කිරිමට මැනවින් වගබලා ගැනීම ප්‍රසංශනීය ය.

ජාතික විභාග ප්‍රතිඵල සංවර්ධනය මෙන්ම ගුණාත්මක සමබර සංවර්ධනයක් සහිත මෘදු කුසලතා ඔප් නැංවුණු පුරවැසියන් බිහි කිරිමේ භාරදුර කාර්යය ඉටු කිරීම උදෙසා කැපවන සියලු ප්‍රජාවන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරමින් ඒ සදහා මෙහෙයවීම අප කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රධානතම වගකීමකි.
සෙසු සියලු අධ්‍යාපන කලාප අබිභවමින් කොළඹ අධ්‍යාපන කලාපය සුවිශේෂි වන්නේ බහු ආගමික, බහු වාර්ගික, බහු සංස්කෘතික සහ සමාජීය විවිධත්වයෙන් යුක්ත වීමයි. මෙම විවිධත්වය යටතේ සාමාන්‍ය අධ්‍යාපන අරමුණු මුදුන්පත් කර ගැනීම කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලය සතු විශාල අභියෝගයකි. පාසල් වර්ගීකරණය අනුව ද ජාතික පාසල්, පළාත් සභා පාසල්, අර්ධ රාජ්‍ය පාසල්, පෞද්ගලික පාසල්, රජයට පවරාගත් පාසල් ආදී විවිධත්වයෙන් යුතු අධ්‍යාපන කලාපයක් වීම ද අභියෝගයකි. එමෙන් ම ආර්ථික හා සමාජීය පසුබිම ගත්විට ද වැඩි ම විවිධත්වයක් සහිත ජන කොටස් නියෝජනයවන අධ්‍යාපන කලාපයක් වීම ද අරමුණු කරා යාමේ දී එල්ලවන අභියෝගයකි. නිරන්තර ආර්ථික, සාමාජීය, සංස්කෘතින වශයෙන් වෙනස්වීම්වලට බදුන්වන කොළඹ අධ්‍යාපන කලාප කාර්යාලය, පර්යේෂණ හා අත්හදා බැලීම්වලින් යුතුව ජයමාවත ඔස්සේ ඉදිරියට ගමන් කරයි.
අත්‍යාවශ්‍ය සබැඳි
Everything you need to know some new features