HomeAccounts Branch
ගිණුම් අංශය
ගිණුම් අංශය යනු මූල්‍ය ගනුදෙනු, වාර් තා සහ කළමනාකරණය කිරීම සඳහා වගකිව යුතු සංවිධානයක තීරණාත්මක කොටසකි. ඔවුන් පොත් තැබීම, ගෙවිය යුතු ගිණුම්, ලැබිය යුතු ගිණුම්, මූල්‍ය වාර්තාකරණය, අයවැයකරණය, බදු අනුකූලතාව, අභ්‍යන්තර පාලනයන්, වැටුප් පරිපාලනය සහ මූල්‍ය විශ්ලේෂණය වැනි කාර්යයන් හසුරුවයි.ඔවුන්ගේ මූලික ඉලක්කය වන්නේ නිවැරදි මූල්‍ය වාර්තා පවත්වා ගැනීම, රෙගුලාසිවලට අනුකූල වීම සහතික කිරීම සහ තීරණ ගැනීමේ ක්‍රියාවලීන්ට සහාය වීම සඳහා වටිනා මූල්‍ය අවබෝධයක් ලබා දීමයි.

Mr. Kashyapa Ganegoda
ගණකාධිකාරී - මුදල්
0711497545

එච්.පී.සී.එන්.නන්දසේන මිය
මුදල් සහකාර
112447116

එම්.ආර්. බෙනඩික්ට් මිය
ඒකක ප්‍රධානී (ප්‍රධාන කලමනාකරණ සහකාර)
0112447116
ආර්.ඒ.ඩී.ආර්. රාජපක්ෂ මයා
කළමනාකරණ සහකාර නිලධාරි
එම්.ඩී.අයි.ජේ ප්‍රසන්න මයා
කළමනාකරණ සහකාර නිලධාරි
එන්.ඩී.සරත්චන්ද්‍ර මිය
කළමනාකරණ සහකාර නිලධාරි
එච්.ඩි.සිල්වා මිය
කළමනාකරණ සහකාර නිලධාරි
එම්.ඩී.ආර්.පෙරේරා
කළමනාකරණ සහකාර නිලධාරි
ජී.ආර්.ශ්‍යාමිනි හිරන්තිකා මිය
සංවර්ධන නිලධාරි
ජී.පී.කේ.පෙරේරා
කළමනාකරණ සහකාර නිලධාරි
එච්.ඩී.ඩී.එස්.ටී. සිරිසේන මිය
කළමනාකරණ සහකාර නිලධාරි
අයි එම් අයි මධුභාෂණී මිය
කළමනාකරණ සහකාර නිලධාරි
එච්.ඒ.සී.වී.නන්දසේන මිය
කළමනාකරණ සහකාර නිලධාරි
එම් ඩී යූ එස් ගුණතිලක මයා
කළමනාකරණ සහකාර නිලධාරි
ඕ ජී ඩබ්ලිව් එච් තිලකරත්න මයා
කළමනාකරණ සහකාර නිලධාරි
ඩබ්ලිව්.ඒ.ඒ.ජේ. කුමාර මයා
කළමනාකරණ සහකාර නිලධාරි
ආර්.ඊ.හේවා රණගේ මිය
කළමනාකරණ සහකාර නිලධාරි
යු.එස්.එම්. ප්‍රනාන්දු මිය
කළමනාකරණ සහකාර නිලධාරි
ඩබ්.ජී. කේ.සී. සමරකෝන් මයා
කාර්යාල කාර්ය සහායක
ඒ.පී. අමිල ශ්‍යානේෂ් මයා
පාසල් කාර්ය සහායක
එච්. ජී. අනුෂා ගංඟානි මිය
පාසල් කාර්ය සහායක
ගිණුම් අංශයේ කාර්යභාරය
- වාර්ෂක කෙටුම්පත් මූල්‍ය ඇස්තමේන්තු සැකසීම හා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම.
- අතිකාල දීමනා, ගමන් වියදම් හා වෙනත් දීමනා ගෙවීම
- පෞද්ගලික පාසල් හා පිරිවෙන් සඳහා ප්‍රදාන ලබාදීම.
- විවිධ වැඩසටහන් හා වැඩමුළු සඳහා අත්තිකාරම් ලබා දීම, පියවීම් හා ගෙවීම් කටයුතු සිදුකිරීම.
- ගිණුම් පවත්වා ගැනීම, පාලනය හා නියාමනය සිදුකිරීම
- මූල්‍ය සම්පත් කළමනාකරණය හා පාලනය කිරීම
- ශිෂ්‍යාධාර ගෙවීම හා ඊට අදාළ කටයුතු සිදුකිරීම
- ජලය, විදුලිය, වරිපනම් හා දුරකථන ගාස්තු ගෙවීම
- මු.රෙ. 104(3) අනුව භාණ්ඩ හානි හා පාඩු සම්බන්ධ කටයුතු කිරීම ප්‍රාරම්භක පරීක්ෂණ සිදු කිරීම සහ මෙම හානි සියල්ල විසර්ජන ගිණුම මගින් වාර්තා කිරීම
- මූලික පරීක්ෂණ සහ මෙම සියලු අලාභ මුදල් ගෙවීමේ ගිණුම් හරහා අයකර ගැනීම
- Carrying out activities related to the procurement process.
- පාසල් භාණ්ඩ සමීක්ෂණ පැවැත්වීම, භාණ්ඩ තුලනය හා අපහරණය සඳහා නිර්දේශ ලබා දීම - (මධ්‍යම , පළාත්)
- පාසල් ගොඩනැගිලි ඉඳි කිරීම, අලුත්වැඩියා කටයුතු සඳහා ගෙවීම් සිදු කිරීම
- සියලුම ගෙවීම් පිළිබඳ මූල්‍ය ප්‍රගතිය වාර්තා කිරීම
- නිලධාරීන්ගේ අත්තිකාරම් හා ණය විධිමත්ව ගෙවීම, සැසදීම හා පාලන ගිණූම් පැවැත්වීම හා අදාළ කටයුතු සිදු කිරීම
- වර්ෂ අවසාන ගිණුම සකස් කිරීම හා පියවීම
- පොදු තැන්පත් ගිණුම් සැසදීම හා පාලන ගිණුම් පැවැත්වීම
- පාසල් හා අධ්‍යාපන ආයතනවල කාලීන ගිණුම් වාර්තා ලබා ගැනීම හා අධීක්ෂණය සිදු කිරීම
- කාර්යාලයේ හා පාසල්වල මූල්‍ය විනයක් හා පාරදෘශ්‍ය බවත් පවත්වා ගැනීම හා විගණන දෝෂ අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම
- බැංකු ගිණුම් පවත්වා ගැනීමට අදාළ කටයුතු හා මාසික බැංකු සැසදුම් සකස් කිරීම
- ගබඩා හා තොග පාලනයට අදාළ කටයුතු සිදු කිරීම
- මූල්‍ය අංශයට අදාළ කටයුතු අභ්‍යන්තර ඇගයීමට ලක් කිරීම
- ණය පියවීමට අදාළ කටයුතු, වැය සීමා තුළ වියදම් කිරීම
- සිගාස් (Cigas) වැඩසටහනට අදාළ කටයුතු
- පාසල් වල ස්ථාවර වත්කම් ගිණුම්ගත කිරීම
- කාර්යාල වැටුප් ගෙවීම.
- වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් දායක මුදල් හා අග්‍රහාර අයවීම් චෙක්පත් විස්තර ලබා දීම
- W&OP හා TWPS අයවීම් පිළිබද චෙක්පත් විස්තර ලබා දීම.
- විශ්‍රාම වැටුප් පාරිතෝෂිකයන්, රජයට අයවීම් ගිණුම්ගත කිරීම
- සියලු ගෙවීම් වලින් අයකරනු ලබන මුද්දර ගාස්තු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කිරීම.
- පෝෂණ දීමනා
- සුළු මුදල් අත්තිකාරම් ලබා දීම හා පියවීම
- අවස්ථානුකූලව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරනු ලබන වෙනත් රාජකාරි කටයුතු සිදු කිරීම