Preaload Image
Back
Homeසැලසුම් අංශය

සැලසුම් අංශය

පාසල්වල පස් අවුරුදු සැලසුම්, වාර්ෂික ක්‍රියාකාරී සැලසුම් සහ අයවැය ඇස්තමේන්තු සකස් කිරීම සඳහා මාර්ගෝපදේශ සැපයීම සහ ඉහත සඳහන් සැලසුම් අනුමත කිරීම මෙන්ම කලාප අධ්‍යාපන කාර්යාලයේ පරිපාලන කටයුතුවලට අදාළ ක්‍රියාකාරී සැලසුම් සහ අයවැය ඇස්තමේන්තු සකස් කිරීම සඳහා වන සෑම සැලසුම් කාර්යයක්ම මෙම අංශය මඟින් සිදු කරනු ලබන ප්රධාන කාර්යයන් වේ. මූල්‍ය ව්‍යාපෘති සම්බන්ධීකරණය කිරීම ද මෙම අංශයේ තවත් වගකීමකි.

Mrs .A. H. N. D. S. Wijayawickrama
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ - සැලසුම්
0718464401
ඩබ්ලිව්.ඩබ්ලිව්.ඒ.හර්ෂනී වික්‍රමසිංහ මිය
ඒකක ප්‍රධානී (ප්‍රධාන කලමනාකරණ සහකාර)
0112390633
කේ.එස්. සැල්වඩෝර් මිය
සංවර්ධන නිලධාරි
ජී.එන්.කේ. තලගල මිය
කළමනාකරණ සහකාර නිලධාරි
ඩබ්ලිව්.එස්.එන්.ප්‍රනාන්දු මයා
පාසල් කාර්ය සහායක

අධ්‍යාපන සැලසුම් අංශයේ කාර්යන්

  • අධ්‍යාපන ආංශික සංවර්ධන ප්‍රවේශ රාමුව හා වැඩසටහන් වලට අදාළව කලාපයේ සමස්ත වාර්ෂික, පස් අවුරුදු සැලැස්ම සැකසීම, පුනරාවර්තන හා නව ප්‍රාග්ධන සැලසුම්, ප්‍රගති සමාලෝචනය හා නියාමනය සිදුකිරීම 
  • කලාපයට අයත් සියලුම අධ්‍යාපන ආයතනවල වාර් ෂික පස් අවුරුදු සැලසුම් සකස් කරවීම, සැලසුම් කරවීම, ක්‍රියාත්මක කර වීම, නියාමනය හා ප්‍රගතිය සමාලෝචනය කිරීම.
  • රැස්වීම් සංවිධානය (විදුහල්පති රැස්වීම්, ව්‍යුහ කමිටු / සැලසුම් කමිටු, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී රැස්වීම්, මාණ්ඩලික නිලධාරී රැස්වීම්, කොට්ඨාස අධ්‍යක්ෂ රැස්වීම්) 
  • පාසල්වල වාර් ෂික ඇස්තමේන්තු අනුමත කිරීම/ නිර් දේශ කිරීම, එහි වැය ශීර් ෂ සංශෝධනය සහ මාරු කිරීම් අනුමැතිය/නිර් දේශය
  • කලාප ව්‍යුහ කමිටුව සම්බන්ධව යෝජනා හා නිර් දේශ ඉදිරිපත් කිරීම හා කලාප ව්‍යුය කමිටු ලේකම් වශයෙන් කටයුතු කිරීම
  • කලාපයට අයත් සියලුම අධ්‍යාපන ආයතනවල භෞතික හා මානව සම්පත් අව්‍යශතා හඳුනා ගැනීම, ගණනය හා අවශ්‍යතා සැපිරීම සම්බන්ධ ක්‍රියාමාර් ග ගැනීම.
  • බස්නාහිර පළාත් තොරතුරු පද්ධතියට දත්ත ඇතුලත් කිරීම, යාවත්කාලීන කිරීම හා පවත්වාගෙන යාම,(DSIS/PMS)
  • වාර් ෂික පාසල් සංගණන කටයුතු සම්බන්ධීකරණය කිරීම පිළිබඳ නියාමනය හා ප්‍රගතිය වාර්තා කිරීම.
  • පාසල් නගා සිටුවීමේ වැඩසටහනට අදාළ කටයුතු සම්බන්ධීකරණය කිරීම 
  • පාසල්වලට ලබා දී ඇති ගුණාත්මක යෙදවුම් හා අනෙකුත් ප්‍රදානයන් භාවිතය සඳහා උපදෙස් සැපයීම
  • අධ්‍යාපන පර්යේෂණ කටයුතු සම්බන්ධීකරණ හා අනාවරණවලින් ව්‍යාපෘති සැලසුම් සකස් කිරීම. 
  • අධ්‍යාපන සංවර්ධන ක්‍රියාවලිය සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වය ලබා ගැනීම, විදේශාධාර ව්‍යාපෘති සැලසුම් කිරීම, සම්බන්ධීකරණය, නියාමනය, ප්‍රගති සමාලෝචනය හා පසු විපරම් සිදු කිරීම..
  • දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු සදහා අවශ්‍ය වාර්තා සැකසීම හා සැපයීම.
  • ඉදිකිරීම්. අලුත්වැඩියා සම්බන්ධ අදාළ පාර්ශව සමග සම්බන්ධීකරණය කිරීම 
  • අදාළ විදේශාධාර වැඩසටහන් මෙහෙයවීම හා අධීක්ෂණය කිරීම
  • විදුහල්පති ධාරිතා සංවර්ධනය සදහා කටයුතු කිරීම.
  • 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මත කිරීමට අදාළ මූලික කටයුතු
  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදු කිරීම
  • කලාපයට අදාළ තොරතුරු පද්ධතිය යාවත්කාලීන කිරීම, දත්ත සංශෝධනය, අවශ්‍ය පරිදි වාර් තා සැකසීම හා සැපයීම. 
  • කොන්ත්‍රාත් පදනම මත පාසල් සංවර්ධන සමිතියේ සේවකයින් බදවා ගැනීම්, සේවා දීර් ඝ කිරීම
  • ඊ - තැපෑල මෙහෙයවීම.
Sinhala