Preaload Image
Back
HomeSchool Administration Branch

පාසල් පාලන අංශය

ධනාත්මක චින්තනයෙන් යුත් නිරෝගී වැඩදායි දරු පරපුරක් බිහි කිරීමේ අරමුණ පෙරදැරිව පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු, සියලුම ජාතික විභාග සංවිධානය හා පැවැත්වීම, පාසල්වල සියලු පරිපාලන කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් හා කාර්යයන් නියාමනය කිරීම, පාසල්වල ඉඩම් සම්බන්ධ සියලු කටයුතු , සිසුන්ගේ පෝෂණ, නිළ ඇඳුම්,පෙළපොත් හා ශිෂ්‍යත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පාසල් පාලන අංශයෙන් සිදු කරනු ලබයි.

අනිකුත් විශේෂ ව්‍යාපෘති, අධ්‍යාපන චාරිකා සඳහා අනුමැතිය ලබා දීම හා සිසුන් හා පාසල් පද්ධතිය තුළ විනය පවත්වා ගැනීම උදෙසා විමර්ශණ කටයුතු සිදු කරමින් සිසුන්ගේ කායික හා මානසික සමබරතාවය සුරකිමින් සියලු ප්‍රතිලාභීන් සඳහා සුහදශීලී , කාර්යක්ෂම හා ඵලදායී විශිෂ්ඨ සේවාවක් සැපයීම පාසල් පාලන අංශයේ අරමුණ යි.

ඊ.එම්. චාමලි එදිරිසිංහ
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ - පාසල් පාලන
0714289076
ඒකක ප්‍රධානි (ප්‍රධාන කළමනාකරණ සහකාර)
ඒ.එල්.සී. නිල්මිණි අමරවික්‍රම මිය
0714447377
‍‍කේ.කේ.එස්.සමන්ත මයා
සංවර්ධන නිලධාරි
එච්.පී.කේ. වාසනා මිය
සංවර්ධන නිලධාරි
එස්.එස්. දයානි රේණුකා මිය
කළමනාකරණ සහකාර නිලධාරි
ඩබ්.කේ.බී. විදර්ශනි
කළමනාකරණ සහකාර නිලධාරි
ජී.එන්. නුගවෙලගේ මිය
කළමනාකරණ සහකාර නිලධාරි
ටී.ඩී රවී මෝහන්
කාර්යාල කාර්ය සහායක

පාසල් පාලන අංශයේ කාර්යභාරය​

  • පාසල් භෞතික සම්පත් මහජන අවශ්‍යතා උදෙසා තාවකාලිකව වෙන් කිරීමට අදාළ කටයුතු.
  • පාසල් ඉඩම් අත්පත් කර ගැනීම, අවසතු කරගැනීම ආදිය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම.
  • පාසල් ව්‍යුහ කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීම.
  • ශිෂ්‍ය ඇතුළත් කිරීම් මාරු කිරීම් හා පාසල් හැරයාම පිළිබඳ කටයුතු කිරීම
  • පාසල් ශිෂ්‍යාධාර, ශිෂ්‍යත්ව හා විදේශ ශිෂ්‍යත්ව කටයුතු
  • ශිෂ්‍ය පෝෂණ ව්‍යාපෘති පිළිබඳ කටයුතු 
  • පාසල් නිල ඇදුම් , පෙළපොත්, ඉගෙනුම් උපකරණ ලබා දීම පිළිබද කටයුතු
  • ප්‍රසිද්ධ විභාග පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු 
  • පාසල් සංවර්ධන සමිති ශිෂ්‍ය සමිති හා පාසල් සම්බන්ධ වෙනත් සමිති පිළිබඳ කටයුතු
  • පලාත් පාසල් සම්බන්ධ පහත දැක්වෙන අනුමත කිරීම් 
    •  කාල සටහන
    • පාසල්හි විවිධ ව්‍යාපෘති / කඳවුරු ආදිය
  • පාසල් ආරක්ෂක කටයුතු
  • විශේෂ දින, සංවත්සර, සැමරුම්, කොඩි දින හා සම්බන්ධ කටයුතු.
  • The followings should be approved in relation to provincial schools.
  • ශිෂ්‍ය නායක කටයුතු වල ගුණාත්මක වර්ධනය සඳහා සුදුසු වැඩසටහන් සම්පාදනය හා ඇගයීම
  • විනය කටයුතු පිළිබඳ තීරණ මෙහෙයවීම හා විමර්ශන කටයුතු
  • පාසල් ආපනශාලා සම්බන්ධ කටයුතු.
  • ඩෙංගු මර්දන හා සෞඛ්‍ය ප්‍රවර්ධන පිළිබඳ කටයුතු
  • පාසල්හි තාවකාලික සේවා ලබා ගැනීමට අදාළ නිර්දේශ හා අනුමැතිය ලබා දීම
  • සිසුන් බැහැර ගෙන යාමට අනුමැතිය ලබාදීම 
  • විදේශගතවීම් සඳහා සිසුන්ට නිර්දේශ ලබා දීම
  • පාසල් ආපදා කටයුතු සම්බන්ධීකරණය කිරීම 
  • SIS ඇතුළු ශිෂ්‍ය තොරතුරු පද්ධතිය පවත්වාගෙන යාම
  • පාසල් අධ්‍යාපන චාරිකා හා ක්ෂේත්‍ර චාරිකා සදහා අවසර ලබා දීමේ කටයුතු
Sinhala