Preaload Image
Back

ගුරු සේවයේ වාර්ෂික ස්ථාන මාරු - 2026

කොළඹ අධ්‍යාපන කලාපයේ පළාත් සභා පාසල්වල සේවය කරන ගුරු සේවයේ නිලධාරීන්ගෙන් ස්ථාන මාරු අයදුම්පත් කැඳවනු ලැබේ.

සෑම අයදුම්පත්‍රයක්ම නිවැරදිව හා විධිමත් ලෙස සම්පූර්ණ කර තිබිය යුතු අතර එක් එක් පාසලට අදාළ සියලුම අයදුම්පත්‍ර හා ගුරු තොරතුරු ආකෘති පත්‍ර කවරයක බහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත 2025.10.10 දිනට පෙර භාරදිය යුතුයි. (කවරයේ වම්  පස ඉහළ කෙළවර “වාර් ෂික ගුරු ස්ථාන මාරු – 2026” පාසලේ නම: …………………… සටහන් කළ යුතුයි.)

ගුරු භවතුන් විසින් පෞද්ගලිකව රැගෙන එනු ලබන අයදුම්පත් භාර ගනු නොලැබේ.

English